Monday, November 30, 2015

Forex Lesson 2

ඉතින් කොහොමද යාලුවනේ, මම කලින් ලිපියෙන් ඔයාලට Forex  පිළිබදව හැදින්වීම හා එහි වැදගත්කම පැහැදිලි කලානේ.මතකයිනේ ඔයාලට.දැන් මම හදන්නෙ ඔයාලට Forex Market එකේ හුවමාරු වන මුදල් වර්ග පිළිබදව හැදින්වීමක් කරන්නයි.Forex වලදී අදාල මුදල් වර්ගයන්ට කියන්නා වු නම් ඔබ හොදින් මතක තබා ගැනීමට කටයුතු කිරීම ඔබට ගණුදෙනු යෙදීමේදී පහසුවක් වනු ඇත.

හොදයි අපි බලමු මේ මුදල් වර්ගයන් පිළිබදව. ලෝකයේ බලවත් අර්තිකයන්ට උරුම කම් කියන රටවල් වල මුදල් වර්ග තමයී මෙම Forex Market හි ගණුදෙනු වන්නේ.එනම් එය සිදු වන්නේ මුදල් වර්ග 2ක හුවමරුවක් වශයෙනි.එම රටවල් හා අදාල මුදල් වර්ගයන් හා Forex වලදී භවිතා වන කෙටි නාමයන්ද හොදින් බලන්න.

Country                                  Currency                                FOREX  Name

1.      Great Britain                    Pound                                           GBP                                            
2.      United States                  US Dollar                                       USD
3.      Europe                            Euro                                             EUR
4.      Australia                         Australian Dollar                            AUD
5.      New Zealand                   New Zealand Dollar                        NZD
6.      Canada                          Canadian Dollar                             CAD
7.      Japan                             Japan Yen                                    JPY
         
මෙලෙස ඒවා දැක්විය හැකිය.දැන් ඔබ බලනවා ඇති අපේ මුදල් වර්ගය වන රුපියල මෙහි අඩoගු නොවන්නේ ඇයිද යන වග.එනම් අපගේ රට ලොකයේ බලවත් අර්තිකයක් නොමැති දියුණු වෙමින් පවත්නා  රටක් විම නිසාවෙනි.ලොව බලවත් අර්තිකයන්හි මුදල් සමග ගනුදෙනු කිරිමට ඔබ තුල බියක් හටගෙන ඇත්නම් කිසි ලෙසකවත් ඔබ බියවිය යුතු නොවේ.මෙම ලිපි පෙලෙන් ඔබට විශාල දැනුමක් ලැබෙනෙ බවනම් ඉදුරාම කිව හැක.

 හොදයි අපි බලමු දැන් මෙම මුදල් වර්ගය කෙසේද ගණුදෙනු සදහා සැකසෙන්නේ යන වග.එනම් මා ඉහත සදහන් කල Currency,  Pair වශයෙනි.

එනම්,
                        Eur / Usd           (Euro vs  Us Dollar)
                        Gbp / Usd          (pound vs  Us Dollar)
                        Aud / Usd          (Ausralian dollar vs Us Dollar)
                        Usd / Cad          (Us Dollar vs Canadian Dollar)
                        Usd / Jpy           (Us Dollar vs Japan yen)

 එනම් EURO ට එරෙහිව USD  වශයනි.අනෙක් මුදල් වර්ගයන්ද එසේය.මෙලෙස EURO හා USD එකතු වීමෙන් Currency Pair 1ක් නිර්මාණය වේ.

මා ඉහත සදහන් කරන ලද Currency Pair ප්‍රදාන මුදල් එකතුවක් හෙවත් Major Currency Pair ලෙස හැදින්විය හැක.එනම් අපි ගණුදෙනු යෙදීමෙදී බහුලව භාවිතා කල යුත්තේ මෙම Currency Pair වේ.මන්ද අපට ගනුදෙනු යෙදීමට අවශ්‍ය වන්නා වු දත්තයන් එනම් News විශාල වශයෙන් Web අඩවි තුලින් අපට ලබා ගත හැකි වනුයේ මෙම Major Currency Pair තුලින් වීම හේතුවෙනි.

 මීට අමතරව MInor Currency Pair හෙවත්,
                                                                                Eur / Gbp
                                                                                Gbp / Jpy
                                                                                Aud / Jpy

ආදි වශයෙන් තිබේ.මේවා ගනුදෙනු සදහා යෙදිය හැකි වුවද මේවා සදහා ප්‍රමානවත් දත්ත Major Currency Pair වලට සාපේක්ශව නොමැති වීම නිසා ගණුදෙනු යෙදිම ඔබට සාපේක්ශව අවාසි සහගත තත්වයක් ගෙන දෙනු ඇත.

හොදයි ඔයාලට Forex Market එකේ ගණුදෙනු වන මුදල් වර්ග පිලිබදව හා ඒවායේ Forex Names දැන ගැනිමට හැකි උනානේ.ඊලග ලිපියෙන් ඔයාලට ගණුදෙනු යොදා ලාභ ලබා ගන්නා ආකාරය පැහැදිලි කරන්නම්.එතකන් ඔයාලට 

No comments:

Post a Comment

Internet Money Sri Lanka