Monday, November 30, 2015

දැන් අපි වැදගත්ම කොටස් ඉගන ගැනිම සදහා තමයි සුදානම් වන්නේ.

Forex Trading මූලික සිද්ධාන්ත

අපිට Forex වල ගනුදෙනු කරන්න වෙන්නේ මුදල් වලින්.ඒ කියන්නේ අපිට ගනුදෙනුකරන්න තියෙන්නේ මුදල්.
මෙහිදි කිසිම ආකරයකින් භාණ්ඩ හුවමාරුවක් නොමැත.
දැන් බලමු Forex වල භාවිතා වන මුදල් ඒකක මොනවද කියලා.මෙහිදි අපිට Forex වලභාවිතා වන මුදල් කාණ්ඩ ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට බෙදෙන්න පුළුවන්

1 . Major currencies
2.  Minor currencies

අපිට ඉතාම වදගත් වන්නෙ Major currencies යටතට ගැනෙන මුදල් ඒකක යි.ඒ යටතටගැනෙන මුදල් වර්ග ප්‍රධාන වශයෙන් 8 ක් තියනවා.බලන්න පහත වගුව .


Major currencies 

Symbol යටතට වර්ග කර ඇත්තේ එම මුදල් වර්ගය Forex වලදී හදුන්වන නාමයයි.
currency යටතට වර්ග කර ඇත්තේ එම මුදල් වර්ගය සාමාන්යයෙන් හදුන් වන නාමයයි.
country යටතට වර්ග කර ඇත්තේ එම මුදල් කාණ්ඩය භාව්තා වන රටයි.

හරි දැන් ඉහත වගුව හොදින් බලලා මතකයට දාගන්න අමතක නම් කළබල වෙන්නඑපා.ඔබට ඉබේම ඔය නම් ටික මතක හිටිනවා.
හරි දැන් අපි දන්නවා Forex වලදී වැඩ්ම වශයෙන් භාවිතා වන මුදල් මොනවද කියලා.
හරි දැන් අපි බලමු ඉහත මුදල් වර්ග කොපමණ ප්‍රතිශතයකින් භාව්තා වනවාද කියලා.
හරි අපි දැන් බලමු පහත ප්‍රස්ථාරික සටහන දිහා,


එයින් ඔබට පැහැදිලි වෙනවා Forex වල වැඩිම වශයෙන් භාවිතා වන මුදල් වර්ගය USDකියලා.

ඇයි මේ ඇමරිකානු ඩොලරය මේ තරම් ඉහළ ප්‍රතිශතයකින් මුදල් වෙළද පොළෙහි පවතින්නේ?

ඇමරිකාව ලොව දැවැන්තම ආර්ථිකය හිමි රට වීම.
ලොව විශාලතම කොටස් වෙළද පොළ පැවතිම.
ලොව නවීනතම දියුණුම යුධ තාක්ෂණය හිමි රට විම
ඉතා පුලුල් දැක්මක් සහිත ස්ථාවර දේශපාලනයක් සහිත රටක් විම.
මෙන්න මේ කාරණාවන් නිසා ඇමරිකානු ඩොලරය මුදල් වෙළද පොළෙහි 80%කටත් වඩාවැඩි ප්‍රත්ශතයකින් තම ග්‍රහණයට ගෙන සිටී.මෙම ඇමරිකානු ඩොලරයෙහි සිදුවන වෙනස්කම්මත අපිට ඉතාම හොද ආදායම් ලගා කර ගත හැකි වේ.එම කරුණු ඉදිරි පාඩම් වලදී විස්තරකෙරේ

මොකක්ද මේ Currency pairs කියන්නේ.
ඔන්න ඔබට දැන් එක එක අලුත් වචන මුන ගැහෙනවා ,එ වචන වලට ඔබ හුරු වෙන්න ඔනි. සරළවම කියනවනම් Currency pair කියන්නේ මුදල් ඒකක දෙකකට.
අපි තව ටිකක් ඒගැන අවබෝධ කර ගනිමු.EUR/USD බලමු මෙහෙම දේකින් නිරූපණය වන් අර්ථය මොකක්ද කියලා.
ඉහත උදා හරණයට අනුව USD Quote Currency ලෙසද,

EUR Base currency ලෙසද හදුන්වනවා.
දැන් කියන්න බලන්න GBP /USD වල base Currency එක මොකක්ද කියල ?

EUR/USD කියන්නේ EUR බෙදිම USD කියන එක. එයින් සරළවම අදහස් වෙන්නේ ඩොලරයට සාපේක්ෂව යුරෝ යන්නයි.

දැන් Forex වලදී අපිට හම්බවෙනවා මෙන්න මෙහෙම EUR/USD=1.3000
බලමු ඒකෙන් කියන්නේ මොකක්ද කියලා
EUR/USD=1.3000
EUR=1.3000 USD සරළ ගණිතයෙන්
ඔබට පැහැදිලි නේද හරි.එකෙන් කියවෙන්නේ මොකක්ද
EUR 1ගන්න USD 1.3000 ඕන වෙනව කියන එක නේද.
හරියටම කියනවනම් එක ඩොලරයක් ගන්න රුපියල්125 වැය වෙනවා කියන එකම තමයිඑතනත් කිවේ.
හරියට මේ වගේ
USD=125LKR = USD/LKR = 125
.ඉහත මුල් උදාහරණයට අනුවනම් යුරෝ 1ක් ගන්න ඩොලර් 1.3000වැය වෙනවා.පැහැදිලියිනේද?

What is a Pip
Pip 1 ක්ලෙස හදුන්වන්නේ
ඕනම Currency pair එකක අවසන් දශමස්ථානයටයි.
ඒය ඉතාම කුඩා අගයක්.නමුත් Forex වලදී අපට වැදගත්ම වන්නේ මෙම pip කියන අගයයි.මෙම අගය ඉතාම ඉක්මනින් වෙනස් විමකට ලක් විම සිදු වෙනවා.ඔබ Demo account එකෙහි පුහුණුවීම් කරනකොට දකින්න පුලුවන් එම අගයන්ගේ වෙනස් වීම්.
අපි තව ටිකක් උදාහරණ මගින්ම පැහැදිලි කර ගනිමු.
හිතන්න මෙම මොහොතේ EUR/USD අගය 1.3000යි
තව මොහොතකින් එහි අගය 1.3005 නම්
ඒ අතර වෙනස කියද,? =5 pips.
අපි දැන් Forex වල භාවිතාවන වචන වලින් මෙම අගයන් දෙක හදුන්වනවනම්
පළමු අගය Open price ලෙසද
දෙවන අගය Close Price ලෙසද හදුන්වනවා. ඉදිරියට ඔබට මෙම වචන වල තේරුමඅවබෝධ වෙනවා.ඒ නිසා බය වෙන්න එපා.උදාහරණය ඔබට තෙරුණානම් ඇති.
දැන් අපි පහත උදාහරණ වලට යමු.
බලන්න මෙම උදාහරණ වල pips කීය බැගින් වෙනස් වෙලා තියනවද කියලා

Open Price=අපි trade එකක් open කරන මොහොතේදී අදාල currency pair එකෙහි එම මොහොතේදී වටිනාකමයි .
Closed price=අපි trade එකක් Close කරන මොහොතේදී අදාල currency pair එකෙහි එම මොහොතේදී වටිනාකමයි .


EUR/USD Buy order
EUR/USD Open price =1.2900
EUR/USD Closed price =1.3005
Answer;
Closed Price-Open Price = +105 pips
Example 2:
EUR/USD Buy order
EUR/USD Open price =1.2800
EUR/USD Closed price =1.2700
Answer;
Closed Price - Open Price = - 100 pips
Example 3:
EUR/USD Sell order
EUR/USD Open price =1.3700
EUR/USD Closed price =1.3300
Answer;
Closed Price - Open Price = +400 pips
Example 4:
GBP/USD Buy order
GBP/USD Open price=1.5000
GBP/USD Closed price =1.5050
Answer;
Closed Price - Open Price = +50 pips
Example5:
USD/JPY Buy order
USD/JPY Open price=96.00
USD/JPY Closed price =96.20
Answer;
Closed Price - Open Price = +20 pips

Opened price හා Closed price උපයෝගි කරගෙන pip වටිනාකම සොයන්න
හැකි විය යුතුයි…….


Forex Lesson 17

ඉතින් කොහොමද යාලුවනේ ඔයාලට..දැන් ඔයාලා Forex Trading  කරනවා නේද?මම කියලා දුන්න ආකාරයට ප්‍රවේශමට, අප යොදවන මුදල ආරක්ශා වන ආකාරයට ගණුදෙනු යොදන්න ඔයාලා හොදින් මතක තියා ගන්න.අද සිට මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද අපි ලාභ ලැබෙන පරිදි නිවැරදිව ගණුදෙනු යොදන්න Forex වල තිබෙන්නා වු විවිද ක්‍රම භාවිතා කරන ආකාරය පිලිබදව ඉගෙන ගන්නයි.එහි මූලිකම පියවර වශයෙන් මම ඔයාලට අද Mountain System කියලා දෙනවා.

Mountain System

Mountain යනු කන්ද වේ.කන්දක් ඒකාකාරව නැති බව ඔයාලා හොදින්ම දන්නවානේ.එනම් බෑවුම් ඉහල පහල යමින් තමයි කන්ද පිහිටන්නේ.පහත රූපයේ ඔබට Forex Market එකේ Gbp / Usd මුදල් කාණ්ඩය විනාඩි 15 කාල පරාසයේදී වෙනස් වු අයුරු පෙන්නුම් කෙරේ.(එහි රතු පැහැති ඉර මගින් නැග්ම හා බැස්ම ඔබට හොදින්ම පෙනෙනු ඇත.)


එහිදී ඔබට පැහැදිලිවම පේනවා නේද වෙළදපල ඉහල ගොස් පහලට ආ අයුරුත් පහල ගොස් නැවත ඉහලට අවිත් තිබෙන අයුරුත්.අන්න ඒ විදියට තමයි අපි Mountain System කියන්නේ.

Mountain System එකේදී ලාභ ලබා ගන්නා අයුරු

1. වෙළදපල ඉහලට ගියවිට අපට Sell ගණුදෙනුවක් දමා ලාභයක් ලබා ගත හැකිවේ.එනම් කන්ද ඉහල සිට නැවත පල්ලමකට එනවා සේ Market එකද පහලට එන නිසාවෙනි.

2. වෙළදපල පහලට ගියවිට අපට Buy ගණුදෙනුවක් දමා ලාභයක් ලබා ගත හැකිවේ.එනම් කන්ද පහල සිට නැවත ඉහලට යනවා සේ  Market එකද ඉහලට යන නිසාවෙනි.

වැදගත්
  • ඔබ මෙම ක්‍රමය භාවිතා කිරීමේදී ඒකාකාරීව වෙළදපල ඉහල යාමකදී හෝ ඒකාකාරීව වෙළදපල පහල යාමකදී මෙය භාවිතා නොකල යුතුය.
  • මෙහිදී ඔබ ගණුදෙනුවක් Open කර Pips 10-20 අතර අනිවාර්යයෙන් එම ගණුදෙනුව Close කර ලාභය ලබා ගාත යුතුය.
  • විශාල ලාභ ලබා ගැනීමට මෙම ක්‍රමයේදී උත්සහ නොගත යුතුය
  • ගණුදෙනුවක් යෙදීමට අවම වශයෙන් නැග්ම හෝ බැස්ම Pips 30ක් වත් යනතුරු සිටිය යුතුය.

මා ඔබට ඉහත පැහැදිලි කලේ ඉතාම සරල Forex Trading උපක්‍රමයකි.මෙය ඔබද අත්හදා බලන්න.ඉදිරියේදී ඔබට,

  1. Forex News ආශ්‍රය කරගෙන ගණුදෙනු යෙදීම
  2. Eur / Usd වල ගණුදෙනු යෙදිය යුතු පරාසයන්
  3. Gbp / Usd වල ගණුදෙනු යෙදිය යුතු පරාසයන්
  4. Economic Calender භාවිතයෙන් ගණුදෙනු යෙදීම
ආදී සුවිශේෂි ක්‍රම ඔබට කියලා දෙන්නම්.

Forex Lesson 07

අපි Forex Trading සදහා භාවිතා කරනු ලබන මෘදුකාංගය Download කර ගත්තනේ කලින් ලිපිය අනුව.අපි දැන් බලමු කොහොමද මෘදුකාංගය හසුරවන්නේ කියනවග.මේක එච්චර අමාරු දෙයක් නෙමේ.ලොකු දෙයක් කරන්න නෑ ඔයාලට.මම කියා දෙන්නම්කෝ.

අපි කතා කරන මෘදුකාංගයේ නම MT 4 හෙවත් Meta Trader 4 වේ. මම මේ පහත දාලා තියෙන්නේ එහි Picture 1ක්.ඔයාලගේ පරිඝණකයේ  මෙවැනිම මෘදුකාංගයක් තියෙන්න ඕන දැන් Open වෙලා.අපි අන්තර්ජාලයට Log  වී මෙම මෘදුකාංගය Open කල යුතු වේ.මොකද මේ අපි කරන්න යන්නේ Online Trading වන නිසා.



හරි අපි ගිය සතියේ ලිපියේ ඔයාලට කිව්වා මතකනේ Software 1න් Demo Account 1 ට Log වෙන්න කියලා.අන්න එහෙම ඔයලා Log උනානම් ඔයාලට මෙහි වම් පස Navigater  කියන්න වු කොටසේ මුලින්ම තියෙන Accounts   කියන්නා වු උප කොටසේ ඔබගේ Practise Account ගිනුම් අoකය හා ඔබගේ නම දිස්වනවා දක්නට පුලුවනි.එහි Indicators  ඇතුලු තවත් බොහෝ දෑ තිබෙන අතර Indicator පිලිබදව පසු ලිපියකින් ඔබව දැනුවත් කරන්නම්.

අපි කතා කල Navigator 1ට ඉහලින් අපට Market Watch  1ක දැක ගත හැකි වේ.මතකයිනේ ඔයාලට මo කලින් ලිපියකත් මේකේ Picture1ක් දාලා තිබ්බා.Market Watch 1කේ Currency Pairගොඩක් තියෙනවා.මේකේ තියෙන වාසිය තමයි අපට එකම තැනකින්  ඒ ඒ Currency Pair වල අගයයන් වෙනස් විම් දැක ගත හැකි විමය.අපි මුලිකවම භවිතා කරන Eur/Usd , Gbp / Usd Curreny Pair තියෙනවා පේනවනේ යලුවනේ ඔයාලට.Market Watch හි ඉහලින් ඔයාලට වෙලාව තියෙනවා පේනවනේ.අපේ රටේ වෙලාවට වඩා පැය 3.30ක් අඩුවෙනුයි මෙය වැටෙන්නේ.මොකද මේක අපේ රටේ Software ක් නෙවෙයිනේ එකයි ඒ.

හරි ඊලගට අපි බලමු අපේ ප්‍රදාන Window ව දෙස.එහි ඔයාලට ඉරි කෑලි එහා මෙහා ගිහින් තියෙනවා පේනවා නේද?ඒක තමයි විවිද කාල පරාසයන් තුල Forex Market හි වෙනස්විම් දක්වන Window 1ක.එනම් ඊට ඉහලින් ඇති M1, M5, M15, M30, H1, H4, D1, W1, MN ආදී වශයෙන්.ඒ තමයි යලුවනේ විවිද කාල පරාසයන්.මෙහි M1 විනාඩි 1ක,M5විනාඩි 5 වශයෙන්ද H1 පැය 1ක වශයෙන්ද D1 දවසක් W1 සතියක් MN මාසයක් වශයෙන් අපට බලාගත හැකි වේ.ඔයලා මේ හැම කාල අගයකටම Market 1ක දාල බලන්න.ඔබට පෙනේවි එවිට Forex Market 1ක තත්පරයකදිත් වෙනස් වන බව.ඒක තමයි මo ඔයාලට කිව්වේ ලෝකේ මිලියන ගනනක් මේක කරනවා කියලා.එයාලා කරන ගනුදෙනු අනුව තමයි Market 1ක ඉහල පහල යන්නේ.දැන් තේරෙනවනේ ඔයාලට.

මන් ඔයාලට ඔය දැන් කිව්ව Window 1ක ටිකක් පැහැදිලි නෑ වගේ නේද යාලුවනේ.අපි මේක ටිකක් අපේ ඇස් දෙකට පහසු විදියට සකසා ගනිමුද?මෙහෙමයි මම ඔය පහත පෙර පසු ලෙස Pictures 2ක් දාලා තියෙනවනේ.එහි පසු අවස්තාවට අපි හදා ගනිමු. මුලින්ම ඔබ මෙහි පෙර අවස්තාවේ මා රතු පාටින් රවුම් කර තිබෙන තැන Click කර ඉන් පසු කහ පාටින් රවුම් කර තිබෙන තැන 2පාරක් Click කරන්න.එවිට ඔයාලට පසු ආකාරයේ Picture 1ක් ලබේවි.
පෙර

පසු


තව ඔයාලට කිව යුතුම දෙයක් නම් අපි Forex Market හි ලොකු කාල පරාසයන් තුල ගනුදෙනු කරන්න හොද නෑ.අපි මේ සදහා M5 හෝ M15 තොරා ගත යුතු වේ.එය ඔබට වාසි සහගත වේ.

ඔයාලට Software 1කේ Gbp / Usd  වලට අදාල Chart පමනක් Open වෙලා තියෙනවනම් ඔයාලට පුලුවන් File, New Chart Clik කර එහි Eur / Usd තෝරා ගන්න.ඊට පසු කලින් මා කිව් පරිදි ඔබට පහසු පරිදි එයද සකසා ගන්න.

දැනට නම් ඔවා තමා කියන්න තියෙන්නේ යලුවනේ.අපි Practise Account Trade කරන ගමන් ඉතුරු ටික ගැන බලමු.ඒක පහසුයි අපට.මම ඊලග ලිපියෙන් ඔයාලට අපි හදා ගත්තු Real Account 1ක  Verify කර ගන්නා හැටි කියා දෙන්නම්.එතකන් ඔයාලට

Forex Lesson 06

ඉතින් කොහොමද ඔයාලට?කලින් ලිපියෙන් අපි Forex Market හි ගණුදෙනු කිරීමට අවශ්‍යය Real Account එකක් Open කර ගත්තනේ.අද අපි ගණුදෙනු කිරීමට අවශ්‍යය වන්නා වු මෘදුකාoගය Download කර ගන්නා හැටි බලමු.මතක තියාගන්න අපි මෘදුකාoගය Download කර ගත්ත ගමන්ම ඇත්ත ගණුදෙනු දාන්න යන්නේ නෑ. අපි Practise Account එකක් Open කරගෙන ඒකට බොරු සල්ලි දාගෙන තමයි අපි මුලින්ම Forex Trading පුරුදු වෙන්න ඕන.ඒ සදහා අවශ්‍යය Practise Account එකක් Open කරගන්නා හැටිත් මම ඔයාලට මේ ලිපියෙන් කියලා දෙන්නම්.


හරි අපි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා.මුලින්ම ඔයාලට කියන්න ඕන Forex Trading කිරීමට යන Company එක ගැන.එහි නම NORDFX.ඔයාලට ඇති තරම් මේ ගැන හොයලා බලන්න පුලුවන් යාලුවනේ දැන්.ලොව Forex කරන්නා වු බහුතරයක් මෙම ආයතනය සමග එක්ව ගණුදෙනු කරනු ලබයි.මෙය ලොව පිලිගත් සුවිශේශී ආයතනයක් බව ඔබට කිව යුතුමය.මෙම ආයතනයේ Web Address එක www.nordfx.com වේ.මුලින්ම ඔයාලා මේ Web Address එක Open කර ගන්න.

ඉන්පසු දකුණු පස උඩින්ම Account Number හා Trader Password දාන්න කොටු දෙකක් තියෙනවා.ඒකට ඔයාලා කලින් ලිපියෙන් හදා ගත්ත Real Account එකේ Account Number හා Trader Password ඇතුලත් කර Login වෙන්න.ඊට පසු ඔයාලට විස්තර ගොඩක් තියෙන පිටුවක් ලැබේ.අපිට අවශ්‍යය කරන තැනට අපි යමු දැන්.

මුලින්ම මම පහත දාලා තියෙන පින්තූරය තියෙන තැනට ගිහින් එහි Download The Platforms - Click කරන්න.



ඉන්පසු ඔයාලට පහත ආකාරයේ Window එකක් Open වේවි.එයින් Download Metartrader 4 හෙවත් මුලින්ම ඇති එක Click කරන්න.වරද්ද ගන්නනම් එපා යාලුවනේ.



        
එවිට ඔයාලට ඔයාලගේ පරිගණකයේ Download File හි මෙම මෘදුකාoගය Install කර ගැනීමට අවශ්‍යය File එක Download වේවි.ඒක Click කර Install කර ගන්න.එවිට ඔබේ පරිගණකයේ Desktop එකට මෙම මෘදුකාoගයේ Shortcut එකක් ලැබෙනු ඇත.එය Open කර ගන්න.

හොදයි එහෙනම් අපි දැන් මෘදුකාoගය Download කර ගෙන හමාරයි.දැන් තියෙන්නේ Practise Account එකක් Open කර ගන්න.ඒක කරන්නේ මෙහෙමයි.අප මෘදුකාoගය Install කර ගත් පසු අපට එය Open වී පලමුව පහත පරිදි හිස්තැන් කීපයක් සහිත Window එකක් ලැබේ.එය Demo හෙවත් Practise Account එකක් හදා ගැනීමට අදාල දත්තයන් ඇතුලත් කර ගත යුතු Window එක වේ.මෙය ඔබට නොලැබුනද ඔබට මෘදුකාoගයේ Menu එකේ File වල Open An Account - Click කිරීමෙන් මෙය ලබා ගත හැකි වේ.



          මෙහි Leverage 1:200 තබා ඔබ අනෙක් සියලු තොරතුරු සම්පුර්ණ කර ඔබට අවශ්‍යය බොරු මුදල් ප්‍රමණයද ඇතුලත් කර Currency - USD තබා යටින්ම තිබෙන කොටුවට Tick එකක් දමා Next කරන්න.එවිට ඔබට පහත ආකාරයේ Window එකක් ලැබේ.එහි Scan Click කර Next Click කරන්න.



         
එවිට ඔබට ටික වෙලාවකින් ඔබගේ Account Number  හා Password  දකින්නට පුලුවන් වේවි.එයද ඔබ ලියා තබා ගත යුතු වේ.දැන් හරි යාලුවනේ Practise Account එකත් හදලා.දැන් තියෙන්නේ අපට ඒකට Log වෙන්න තමයි.ඒක මෙහෙම කරමු අපි.මෘදුකාoගයේ Menu එකේ File  හි Login - Click කරන්න.එවිට ඔබට පහත ආකාරයේ Window එකක් දිස් වේ.



එහි,

Account number = practice  account number
Password = practice account  Password
Server =  nordgroupinv- demo


ලෙස යොදා Tick Mark එකත් දමා Login වෙන්න.එවිට ඔබට ඔබගේ Practise Account එකට අදාලව මෘදුකාoගයේ අලුත් Account එකක් Open වෙනවා දැක ගතහැකි වේ.කිව යුතුම දෙය නම් මෙම Practise Account එකේ වලoගු කාලය සති 2ක් වීමය.අපි ඒ කාලය තුල හොදින් පුහුණු විය යුතුය.මොකද අපිට ඊට පස්සෙ ඇත්ත ගණුදෙනු දාන්න වෙනවනේ.

අදට ඔය ඇති යාලුවනේ.අපට මෘදුකාන්ගයේ දැනගන්න තව ටිකක් තියෙනවා.එවත් කියා දෙන්නම් මම ඊලග ලිපියෙන්.එතකන් ඔයාලට 

Forex Lesson 05 Real Account Open

අද මම ඔයාලට කියා දෙන්න යන්නේ ඔබට Forex Market හි ගණුදෙනු කිරිමට අවශ්‍ය Real Account 1ක් හදා ගන්නේ කොහොමද කියන වග.ඊට කලින් කියන්න ඕන නැවතත් ඔයාලට පසුගිය ලිපි වල තවත් ප්‍රශ්න තිබේ නම් මගේ e-mail ලිපිනයෙන් අහන්න.
*   Real Account 1ක් Open කිරීමට ප්‍රථම මාව දැනුවත් කරනවනම් හොදයි, මොද පොඩි වැරැකද්දක්හරි උනොත් ආය හදන්න අමාරුයි.
Call : 0720316051
Skype: forexprimium

හොදයි අපි බලමු කොහොමද Real Account 1ක් Open කර ගන්නේ කියලා.ඊට පෙර කිව යුතු කරනා කීපයක් ඇත.එනම් අප මෙම Real Account 1ක් Open කර ගත් විගසම Forex Market හි ගණුදෙනු කිරිමට පටන් නොගනී.මොකද අපට මේ සදහා හොද ප්‍රයෝගික පුහුණුවක් තිබිය යුතු නිසාවෙනි.අනෙක නම් මෙම Real Account Open කිරීම සම්පුර්ණයෙන් නොමිලේ වීමය.අනෙක් ප්‍රදාන කරණාව නම් ඔබ මෙහි ඔබගේ විස්තර ඇතුලත් කිරීමෙදී නිවැරදි සත්‍ය තොරතුරු ඇතුලත් කල යුතුය.මොකද අපිට මෙහි මුදල් ලoකාවට ගෙන්වා ගැනීමේදී නිවැරදි තොරතුරු යොදා තිබීම අත්‍යාවශ්‍යය වන බැවිනි.එහෙනම් ඔයලා පහත තියෙන Open An Account කියන තැන Click කරන්න.

 

ඊලගට ඔබට මෙවැනි ආකාරයේ රූප රාමුවක් ලැබෙනු ඇත.
එහිදී රතු පාට පසුබිමේ ඇති Open An Account Click කල විට ඔබට මෙවැනි ආකාරයේ රූප රාමුවක් දිස් වේ.
එහි Account Type  හා Leverage  තිබෙන්නට ඉඩ හැර ඉතිරි තැන් ඔබ විසින් සම්පුර්ණ කරන්න. හිදී නිවරදිම තොරතුරු භාවිතා කිරීමට සැලකිලිමත් වන්න.නැත්නම් ඔබට ගැටලු ඇති වේවි මුදල් ලoකාවට ගෙන්වා ගැනීමේදී. Leverage eka 1:500 ලෙස සකසන්න.

Zip code = ඔබගේ ප්‍රදේශයේ Postal Code එක ( මෙතනින් Postal Code ලබා ගන්න.)
           
ලන්කාවේ අප +94 මුලට යොදා අපගේ Phone Number එක ඇතුලත් කල යුතුය.ටික් Mark දැමීමට ඇති තැන් දෙකේම මතක ඇතුවම ඒවා දමා දැන් Submit කරන්න. 
Submit කරනවත් සමගම ඔබට තවත් විස්තර ගොඩක් එක්ක පිටුවක් දැකගන්න ලැබෙයි.ඒකේ තියෙන්නේ ඔයාගේ  Account Number, Trader Password, Pin Code ආදී දේවල්.මතක හිටින තැනක ලියලා තියාගන්න අනිවාර්යයෙන්ම ඒ හැමදේම.නැත්නම් Copy කරලා Notepad එකක හරි Save කරලා තියාගන්න.මොකද මේ Page  එක පෙන්වන්නේ එකම එක පාරක් වන නිසයි.Pin Code නම් අනිවාර්යයෙන්ම ලියලා තියාගන්න.මොකද අනෙක් විස්තර ඔබගේ e-mail ලිපිනයට ආවත් Pin Code එක නොඑන නිසාවෙනි.මෙම Pin Code එක මුදල් Withdraw කිරීමේදී අපට අත්‍යාවශ්‍යය වේ.

හොදයි අපි එහෙනම් Forex Trading වල Real Account එකක් ඔන්න එහෙනම් Open කර ගත්තා.හැබැයි අපි දැන්මම ගණුදෙනු දාන්න යන්නේ නෑ.තව ටික කාලයක් යනවා.මොකද ඔයලා මේක හොදට පුහුණු වෙන්න ඕනනේ.ඒකට මන් ඔයාලට මෘදුකාoගය Download කර ගන්නා හැටි කියා දෙන්නම් ඊලග ලිපියෙන්.එතකන් ඔයාලට

Forex LESSON 04

ඉතින් කොහොමද යාලුවනේ,  දැන් ඔයාලා දන්නවානේ Forex ගැන.බොහෝම ටිකක්.ඔයාලා බලනවා ඇති ලිපි තුනක් දැම්මට අවශ්‍යය කරන සමහර ප්‍රශ්න වලට පිලිතුරු ලැබුනේ නෑ කියන එක.ඔබ හිතනවා ඇතයි මා අනුමාන කරන ප්‍රශ්න කිපයක් හා පිලිතුරු කීපයක් මා ඔබට ලබා දෙන්නම්.හරි අපි බලමු ඔයාලට Forex කිරීමට යොමු වීමේදී ඇති වෙන ප්‍රශ්න එකින් එක.
1.නීත්‍යානුකූල බව

එනම් මෙම ව්‍යාපාරයට නීතිමය බාදාවක් තිබේද යන වග වේ.Forex යනු ලෝක බැoකු මගින් පාලනය වන ව්‍යාපාරයකි.ඒ බව මා ඔබට 1 හා 2 ලිපි වලින් පැහැදිලි කර ඇති.එයද හොදින් බලන්න.එබැවින් ඔබ මෙතෙක් විවිද හොර ව්‍යාපාරයන්ට හසු වු අයෙක් නම් ලොව පිලිගත් මෙම ක්‍රමවේදය පිලිබදව හදෑරීමක් කරන්න.ඔබට සත්‍ය තත්වය වැටහෙනු ඇත.
2.මෙහි මුදල් අයෝජනයෙන් අපි අමාරුවේ වැටේවිද?

කිසිසේත්ම නෑ යාලුවනේ.ඔබ අයෝජනය කරන්නා වු මුදල 100% සුරක්ශිත බව කිව හැක.තවද ඔබ මෙම ලිපි පෙල හොදින් හදාරා ගණුදෙනු යෙදීම, ඔබට Forex මගින් ලාභ ලබා ගැනීමට මෙන්ම Forex වලින් සාර්තක විමටද රුකුලක් වනු ඇතයි මා විශ්වාස කරන කාරාණාවකි.එනම් අපට මෙම අයෝජිත මුදල ඉක්මවා යන්නා වු පැහැදිලි ලාභයක් ලබා ගත හැකි බව කිව හැක.


3.ආයෝජනය කල යුතු මුදල

අපට මෙහි ඩොලර් 10ක් වුවද අයෝජනය කල හැක.නමුත් මා ඔබට ඉදිරි ලිපියකදී කිය දීමට යන "Free Margin"පිලිබද සැලකීමේදී මා නම් අනුමත කරන අවම අයෝජනය ඩොලර් 100කි.කිව යුතුම කරුණ නම් ඔබගේ ඩොලර් 100 ඉක්මවා කරනු ලබන පලමු ආයෝජනයට බෝනස් මුදලක්ද ලබා දීමය.මෙය දෙවන තෙවන ආයෝජනයට වුවද මාගේ e-mail ලිපිනය හරහා මා දැනුවත් කිරීමෙන් ආයතනයේ අනුමැතිය ඇතිව ඔබට ලබා ගත හැකි වේ.
  100$      =     25$
  500$      =   100$
1000$      =   228$

ආදී වශයෙනි.ඔබට මා ඉහත සදහන් කල ඩොලර් 100ක අයෝජනයක් සහිතව Forex market හි ගණුදෙනු යෙදීම ඔබට ලාභ ලබා ගැනීමට පහසුවක් වනු ඇත.

4.මෙයින් ඉපයිය හැකි ලාභය

මා ඔබට පෙර ලිපියෙන් කීවා සේම අපි අදික තන්හාවෙන් Forex හි ගණුදෙනු යෙදීමෙන් වැලකිය යුතුය.මන්ද මෙය සූදුවක් නොවන හෙයිනි.මෙය දැනුමෙන් පිරි පුද්ගලයෙකුට තම ජීවිතය ජය ගැනීමට ඉවහල් වන ව්‍යාපාරයකි. ඔබ ඩොලර් 100ක් අයෝජනය කලහොත් ඔබට මාසිකව රු 10000-25000 අතර ලාභයක් ලබා ගත හැකි වේ.තමන්ගේ දක්ශතාවය ,කැපවිම මත මෙම ලාභය වැඩි කර ගත හැකි අතරම අයෝජනය කරනු ලබන මුදල ඩොලර් 100-500 දක්වා හා ඊටත් ඉහල අගයක්නම් මෙම ලාභයේ ප්‍රමණය ඔබට රු 50000ක් හෝ ඊට  වැඩි අගයක් කර ගත හැකි බව කිව හැක.

5.මේ සදහා අවශ්‍ය සුදුසුකම්

ඔබ වයස 18ට වැඩි අයෙකු විය යුතුය.කැපවිම හා වුවමනාව සෑම දෙයටම වඩා වැදගත් සුදුසුකම වේ.

6.Forex Market හි ගණුදෙනු කිරීමට අපට අවශ්‍ය දෑ
  • අන්තර්ජාල පහසුකම සහිත පරිගණකයක්.
  • Forex Market හි Real ගිණුමක්(ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න )
  • ගණුදෙනු කිරීමට යොදගන්නා මෘදුකාoගය
  • නිසි දැනුම හා පලපුරුද්ද

මෙහි සදහන් කල පලමු කාරණාව ඔබ සතුව තිබේ නම් මා ඔබට ඉතිරි කාරණා තුනම කියා දෙන්නම්.ඔබ තුල කැපවිම හා උනන්දුව ඇති කර ගන්න.එවිට ඔබට නිවැරදි Forex Trader කෙනෙකු වීම එතරම් අපහසු කාරණාවක් නොවේ.

7.මෙයින් උපයන මුදල් සුරක්ශිතව ලබා ගත හැකිද යන්න.

100% වගකීමෙන් මා ඔබට කියන්නම් ඔබ උපයන මුදල් Withdraw කරන දින සිට දින 3ක් 4ක් ඇතුලත ඔබගේ බැoකු ගිණුමට ලැබෙන බව.ලොව පිලිගත් ආයතනයක් මගින් ඔබට Forex Market හි ගණුදෙනු කිරීමට මෙන්ම, ඔබගේ ආයෝජිත මුදල මෙන්ම උපයන මුදලද සුරක්ශිතව ලබා ගත හැකි බව මා ඔබට ඉතා විශ්වසයෙන් පවසන්නම්.

Forex LESSON 03

ගියවර මම ඔයාලට ඉදිරිපත් කරපු Forex Market හි භාවිතා වන මුදල් වර්ග පිලිබද ලිපිය ඔයාලට මතක ඇති කියල මම හිතනවා..අද මම ඔයාලට කියල දෙන්න යන්නේ Forex Market හි ලාභ ලබා ගන්නා ආකරයයි.හොදින් මෙම ලිපිය කියවා අවබෝද කර ගන්න.අවබෝදය තිබුනොත් ඔයාලට Forex Market හි ගණුදෙනු යෙදිම ඉතා පහසු වේ.

අප ගණුදෙනු යෙදීම සදහා සෑම මුදල් වර්ගයක්ම භාවිතා නොකරයි.මොකද මන් ඔයාලට කලින් ලිපියේ කිව්වා වගේ Major Currency Pair තුලින් මෙන් අනිකුත් Currency Pair වලින් නිවැරදි දත්ත ලබා ගැනිම අපහසු බැවිනි.


Major Currency Pair වලින් වැඩි ලාභ ලබා ගැනීමට අපට හැකිය.මක් නිසාද යත් ඒවට ලැබෙන දත්ත ප්‍රමානයන් වැඩි විමත් ඒවා හුවමාරු වීමේ ප්‍රමානය සාපේක්ශව වැඩි බැවිනි.

අපි දැන් බලමු Forex Market හි ලාභ ලබා ගන්නේ කෙසේද යන වග.මෙතන් සිට මා ඔබට උදාහරණය ලෙස Eur / Usd  Currency Pair එක මේ සදහා භවිතා කරන්නම්.

      


Eur / Usd     BUY   කර ලාභ ලබා ගැනීම.

          ඉහත දක්වා ඇත්තේ මෘදුකාoගයේ Currency Pair ඇති ස්තානයේ ජායාරුපයකි.එයට අනුව, 

EUR / USD                              Bid (Sell)                     Ask (Buy)
                                                  1.3531                         1.3533

මෙම අවස්තාවෙදී ඔබ Buy ගණුදෙනුවක් යෙදුවහොත් ඔබට ලාභයක් ලබා ගැනීමට නම් Ask (Buy)  එනම් 1.3533 ට වඩා Market එක ඉහල යා යුතුය.එනම් 1.3535 න් මෙම ගණුදෙනුව Close කලේ යැයි සිතමු.එනම් අපිට (1.3535-1.3533) = 2ක ලාභයක් ලැබිය හැකිය. මෙම 2ක පිලිබදව මා ඔබට පසු ලිපියකින් පැහැදිලි කරන්නම්.දැනට මෙය 2ක ලාභයක් සේ මතකයේ තබා ගන්න.
අපට Euro හා Usd Currency Pair එකේ Usd වල අගය පහල යාම මතද Buy ගණුදෙනු යොදා ලාභ ලබා ගත හැකිය.එනම් Usd මුදලේ අගය අවප්‍රමාණය වීමෙන් Euro වලට කරන ඉල්ලුම වැඩි වී Euro වල මිල වැඩි වේ.එහිදී Euro Buy කර අපට ලාභ ලාබා ගත හැකි වේ.
Eur / Usd     SELL  කර ලාභ ලබා ගැනීම.


EUR / USD                              Bid (Sell)                     Ask (Buy)
                                                  1.3531                         1.3533
 
මෙම අවස්තාවෙදී ඔබ Sell  ගණුදෙනුවක් යෙදුවහොත් ඔබට ලාභයක් ලබා ගැනීමට නම් Bid (Sell) එනම් 1.3531 ට වඩා Market එක පහල යා යුතුය.එනම් 1.3531 සිට පහලට අපගේ ලාභ පරාසය වේ.1.3529 දී අප ගණුදෙනුව Close කලේ නම් (1.3531-1.3529) = 2 ක ලාභයක් ලැබිය හැකිය.
අපට Euro හා Usd Currency Pair එකේ Usd අගය ඉහල යාම මතද ගණුදෙනු යොදා ලාභ ලබා ගත හැකිය.එනම් Usd මුදලේ අගය වැඩි වීමෙන් Euro වලට කරන ඉල්ලුම අඩු වී Euro වල මිල අඩු වේ.එහිදී Euro Sell  කර අපට ලාභ ලාබා ගත හැකි වේ.
මා ඔබට ඉහතින් පැහැදිලි කලේ Forex Market එකේ ගණුදෙනු යෙදීමෙන් ලාභ ලබා ගන්නා ආකාරය වේ.අප මෙය කොතරම් කිව්වද ඔබ මෙය මෘදුකාoගයේ ප්‍රයෝගිකව සිදු කර පෙරහුරුවක් ලබා ගත යුතු වේ.ප්‍රයෝගික හැදෑරීම Forex වල ක්‍රමවත්ව ලාභ ලබා ගැනීම වර්දනය කරනු ලැබේ.තවද ඔබට කිව යුතු දෙයක් නම් Share Market එකේ මෙන් අඩු මිලට ගෙන මිල වැඩි වු පසු විකුණා ලාභ ලබා ගැනිමක් වෙනුවට මිල වැඩි විම මත මෙන්ම අඩු වීම මතද Forex Market  එකේ ලාභ ලබා ගත හැකි වේ.
එනම් Forex යනු ඉතා වාසි දායක මුදල් සෙවිමේ ක්‍රමයක් බව ඔබට වැටහෙනු ඇත.ඔබ මෙම ලිපිය හොදින් කියවා තේරුම් ගන්න.ඊලග ලිපියෙන් ඔබට ඇතිවිය හැකි ප්‍රශ්න කීපයකට පිලිතුරු මා ලබා දෙන්නම්.එතකන් ඔයාලට

Forex Lesson 2

ඉතින් කොහොමද යාලුවනේ, මම කලින් ලිපියෙන් ඔයාලට Forex  පිළිබදව හැදින්වීම හා එහි වැදගත්කම පැහැදිලි කලානේ.මතකයිනේ ඔයාලට.දැන් මම හදන්නෙ ඔයාලට Forex Market එකේ හුවමාරු වන මුදල් වර්ග පිළිබදව හැදින්වීමක් කරන්නයි.Forex වලදී අදාල මුදල් වර්ගයන්ට කියන්නා වු නම් ඔබ හොදින් මතක තබා ගැනීමට කටයුතු කිරීම ඔබට ගණුදෙනු යෙදීමේදී පහසුවක් වනු ඇත.

හොදයි අපි බලමු මේ මුදල් වර්ගයන් පිළිබදව. ලෝකයේ බලවත් අර්තිකයන්ට උරුම කම් කියන රටවල් වල මුදල් වර්ග තමයී මෙම Forex Market හි ගණුදෙනු වන්නේ.එනම් එය සිදු වන්නේ මුදල් වර්ග 2ක හුවමරුවක් වශයෙනි.එම රටවල් හා අදාල මුදල් වර්ගයන් හා Forex වලදී භවිතා වන කෙටි නාමයන්ද හොදින් බලන්න.

Country                                  Currency                                FOREX  Name

1.      Great Britain                    Pound                                           GBP                                            
2.      United States                  US Dollar                                       USD
3.      Europe                            Euro                                             EUR
4.      Australia                         Australian Dollar                            AUD
5.      New Zealand                   New Zealand Dollar                        NZD
6.      Canada                          Canadian Dollar                             CAD
7.      Japan                             Japan Yen                                    JPY
         
මෙලෙස ඒවා දැක්විය හැකිය.දැන් ඔබ බලනවා ඇති අපේ මුදල් වර්ගය වන රුපියල මෙහි අඩoගු නොවන්නේ ඇයිද යන වග.එනම් අපගේ රට ලොකයේ බලවත් අර්තිකයක් නොමැති දියුණු වෙමින් පවත්නා  රටක් විම නිසාවෙනි.ලොව බලවත් අර්තිකයන්හි මුදල් සමග ගනුදෙනු කිරිමට ඔබ තුල බියක් හටගෙන ඇත්නම් කිසි ලෙසකවත් ඔබ බියවිය යුතු නොවේ.මෙම ලිපි පෙලෙන් ඔබට විශාල දැනුමක් ලැබෙනෙ බවනම් ඉදුරාම කිව හැක.

 හොදයි අපි බලමු දැන් මෙම මුදල් වර්ගය කෙසේද ගණුදෙනු සදහා සැකසෙන්නේ යන වග.එනම් මා ඉහත සදහන් කල Currency,  Pair වශයෙනි.

එනම්,
                        Eur / Usd           (Euro vs  Us Dollar)
                        Gbp / Usd          (pound vs  Us Dollar)
                        Aud / Usd          (Ausralian dollar vs Us Dollar)
                        Usd / Cad          (Us Dollar vs Canadian Dollar)
                        Usd / Jpy           (Us Dollar vs Japan yen)

 එනම් EURO ට එරෙහිව USD  වශයනි.අනෙක් මුදල් වර්ගයන්ද එසේය.මෙලෙස EURO හා USD එකතු වීමෙන් Currency Pair 1ක් නිර්මාණය වේ.

මා ඉහත සදහන් කරන ලද Currency Pair ප්‍රදාන මුදල් එකතුවක් හෙවත් Major Currency Pair ලෙස හැදින්විය හැක.එනම් අපි ගණුදෙනු යෙදීමෙදී බහුලව භාවිතා කල යුත්තේ මෙම Currency Pair වේ.මන්ද අපට ගනුදෙනු යෙදීමට අවශ්‍ය වන්නා වු දත්තයන් එනම් News විශාල වශයෙන් Web අඩවි තුලින් අපට ලබා ගත හැකි වනුයේ මෙම Major Currency Pair තුලින් වීම හේතුවෙනි.

 මීට අමතරව MInor Currency Pair හෙවත්,
                                                                                Eur / Gbp
                                                                                Gbp / Jpy
                                                                                Aud / Jpy

ආදි වශයෙන් තිබේ.මේවා ගනුදෙනු සදහා යෙදිය හැකි වුවද මේවා සදහා ප්‍රමානවත් දත්ත Major Currency Pair වලට සාපේක්ශව නොමැති වීම නිසා ගණුදෙනු යෙදිම ඔබට සාපේක්ශව අවාසි සහගත තත්වයක් ගෙන දෙනු ඇත.

හොදයි ඔයාලට Forex Market එකේ ගණුදෙනු වන මුදල් වර්ග පිලිබදව හා ඒවායේ Forex Names දැන ගැනිමට හැකි උනානේ.ඊලග ලිපියෙන් ඔයාලට ගණුදෙනු යොදා ලාභ ලබා ගන්නා ආකාරය පැහැදිලි කරන්නම්.එතකන් ඔයාලට 

Forex යනු කුමක්ද?

ලොව පුරා වෙසෙන මිලියන ගණනක් වන ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රමණයක් තම ඉපයීම් මර්ගය කරගෙන තිබෙන්නේ මා ඔබට මෙතැන් සිට පැහැදිලි කිරීමට යන Forex හෙවත් Foreign Currency Market හෙවත් ජාත්‍යන්තර මුල්‍ය වෙළදපලයි..

ඇසු පමනින් ඔබට හුරු පුරුදු බවක් නොදැනුනද අප සියලු දෙනාම හොදින් දන්නා කොළඹ කොටස් හුවමාරුව මෙන්ම මෙයද හුවමාරු වෙළදපොළකි.මෙහි හුවමරු මධ්‍යය වන්නේ මුදල් වර්ගයන්ය.
ශ්‍රී ලoකාව තුල මෙය එතරම් ප්‍රචලිත නොවුනද අප රටේ බැoකු හා බැoකු නොවන මුල්‍ය ආයතන බොහෝමයක් මෙහි ගනුදෙනු කරන බව නම් කිව හැක.ලොව පුරා සිටින බටහිර ජාතීන් තමන්ගේ ප්‍රමුඛ ආදයම් මාර්ගය බවටද මෙම වෙළදපොළ පත් කරගෙන තිබේ.
එය එසේ තමන්ගේ ප්‍රමුඛ ආදයම් මර්ගය බවට ඔවුන් පත් කොට ගෙන ඇත්තේ එය එතරම්ම විශ්වාසවන්ත මුදල් ඉපයීමේ ක්‍රමයක් වීම තුලිනි.නිසි ඉගෙනීම,කැපකිරීම ඒ වගේම පිළිවෙල මත බොහෝම පහසුවෙන් දිනපතා අපට මෙමගින් සැලකිය යුතු ආදායමක් ලබා ගත හැකිය.

මා ඉහත සදහන් කල කැපකිරීම අවශ්‍ය වන්නේ ඔබ මෙය හොදින් හැදෑරීම සදහාය.ඉගෙනීම තුලින් සාර්තක වීමේ හැකියාව ඔබට ඇති කර ගත හැක්කේ මෙම ලිපි පෙළ පියවරින් පියවර කියවා අවබෝද කර ගැනීම තුලිනි.තවද මේ සදහා ඉතා ඉහල ඉගෙනුම් මට්ටමක් අවශ්‍ය නොවේ.ඔබට ඉoග්‍රීසි දැනුම මද වශයෙන් තිබීම මෙහි කටයුතු කිරිමට පහසුවක් වනු ඇත.එසෙත් නොමැති වුවද මෙම ලිපි පෙළ ඇසුරෙන් ඔබට විශාල දැනුමක් ලබා ගත හැකි වේ.

මෙහි ලා කිව යුතු වැදගත්ම දෙය නම් ඔබ යම් ප්‍රමාණයකින් සෑහීමකට පත් වන පුද්ගලයෙකු විය යුතුමය.එනම් අදික තන්හාවෙන් මෙහි ගණුදෙනු නොකල යුතුය.එනම් ඔබ මෙම ලිපි පෙළ අනුව ඔබගේ ගණුදෙනු යෙදීම ඔබට ඉතා වාසි සහගත තත්වයක් ලගා කරනු ඇත.
මම මෙච්චර වෙල ඔයාලට කිව්වෙ Forex Market එකට එන්න ඉන්න අයට එයට ඇවිත් සාර්තක වීමට නම් අනුගමනය කල යුතු කරුණු කිපයකි.දන් අපි බලමු මෙහි වැදගත්කම,

Forex (Foreign Exchange Market) යනු ලෝක බලවතුන් වන America, England, Australia, Japan, Europe, Canada, New Zealand යන පාර්ශවයන්ගේ බැoකු මගින් එනම් එහි මුල්‍ය කටයුතු මගින් පාලනය වන වෙළදපොළ වේ.එනම් මෙම වෙළදපොළෙහි ගණුදෙනු පාලනය වන්නේ එම රටවල් හි ආර්තික, සමාජයීය,දේශපාලන හා ස්වාභාවික ව්‍යසන අදී කටයුතු වල බලපෑම මතය.

එනම් නිදසුනක් ලෙස ඇමෙරිකාවේ සුළි සුළගක් මගින් ඔවුන්ගේ එදිනෙදා කටයුතු වලට එල්ල වෙන්නා වු අර්බුදකාරී තත්වයන් නිසා එරට ආර්තිකයට විශාල බලපෑමක් කරනු ලැබේ.එනම් ඔවුන්ගේ මුදලේ අගය කඩා වැටීමකට ලක් වේ.ඉදිරි ලිපියකදී මුදල් වර්ග අසුරෙන් මා ඔයාලට මෙය පැහැදිලි කරන්නම්.

මෙම කරුණු කාරනා වල වදගත්කම වනුයේ අප ගණුදෙනු යෙදීමට පෙර ඔබ මේ පිලිබදව යම් හෝ අවබෝදයක් ලබා තිබීම වැදගත් වන බැවිනි.
මෙම ලිපිය මෙතනින් අවසානයි.ඉදිරි ලිපියේ දී ඔබට Forex Market හි ගණුදෙනු වන මුදල් වර්ග හා ඒවායේ රටවල් පිලිබදව බොහෝ වැදගත් දෑ ඔබ වෙත ගෙන එන්නම්.එතෙක් මෙම ලිපිය කියවා හොදින් තෙරුම් ගන්න.එතකන් ඔයාලට 

E Money Sinhala 2016

ෆොරෙක්ස් වලින් මුදල් සොයමු.

ලොව පුරා මිලියන ගනනක් වන ජනතාව තම ඉපයීම් මාර්ගය බවට පත් කරගත් මුදල් සෙවීමේ ක්‍රමය දැන් ඔබටත් දන්න සිoහලෙන් .මුල සිට ඉතා සරලවම ඉගෙනීමට ඔබටත් අවස්තාවක්.මුල සිට ලිපියෙන් ලිපිය කියවා දැනුම ලබා ගන්න.මුදල් උපයන්න.ජීවිතය ජය ගන්න.

 
Internet Money Sri Lanka