Monday, November 30, 2015

දැන් අපි වැදගත්ම කොටස් ඉගන ගැනිම සදහා තමයි සුදානම් වන්නේ.

Forex Trading මූලික සිද්ධාන්ත

අපිට Forex වල ගනුදෙනු කරන්න වෙන්නේ මුදල් වලින්.ඒ කියන්නේ අපිට ගනුදෙනුකරන්න තියෙන්නේ මුදල්.
මෙහිදි කිසිම ආකරයකින් භාණ්ඩ හුවමාරුවක් නොමැත.
දැන් බලමු Forex වල භාවිතා වන මුදල් ඒකක මොනවද කියලා.මෙහිදි අපිට Forex වලභාවිතා වන මුදල් කාණ්ඩ ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට බෙදෙන්න පුළුවන්

1 . Major currencies
2.  Minor currencies

අපිට ඉතාම වදගත් වන්නෙ Major currencies යටතට ගැනෙන මුදල් ඒකක යි.ඒ යටතටගැනෙන මුදල් වර්ග ප්‍රධාන වශයෙන් 8 ක් තියනවා.බලන්න පහත වගුව .


Major currencies 

Symbol යටතට වර්ග කර ඇත්තේ එම මුදල් වර්ගය Forex වලදී හදුන්වන නාමයයි.
currency යටතට වර්ග කර ඇත්තේ එම මුදල් වර්ගය සාමාන්යයෙන් හදුන් වන නාමයයි.
country යටතට වර්ග කර ඇත්තේ එම මුදල් කාණ්ඩය භාව්තා වන රටයි.

හරි දැන් ඉහත වගුව හොදින් බලලා මතකයට දාගන්න අමතක නම් කළබල වෙන්නඑපා.ඔබට ඉබේම ඔය නම් ටික මතක හිටිනවා.
හරි දැන් අපි දන්නවා Forex වලදී වැඩ්ම වශයෙන් භාවිතා වන මුදල් මොනවද කියලා.
හරි දැන් අපි බලමු ඉහත මුදල් වර්ග කොපමණ ප්‍රතිශතයකින් භාව්තා වනවාද කියලා.
හරි අපි දැන් බලමු පහත ප්‍රස්ථාරික සටහන දිහා,


එයින් ඔබට පැහැදිලි වෙනවා Forex වල වැඩිම වශයෙන් භාවිතා වන මුදල් වර්ගය USDකියලා.

ඇයි මේ ඇමරිකානු ඩොලරය මේ තරම් ඉහළ ප්‍රතිශතයකින් මුදල් වෙළද පොළෙහි පවතින්නේ?

ඇමරිකාව ලොව දැවැන්තම ආර්ථිකය හිමි රට වීම.
ලොව විශාලතම කොටස් වෙළද පොළ පැවතිම.
ලොව නවීනතම දියුණුම යුධ තාක්ෂණය හිමි රට විම
ඉතා පුලුල් දැක්මක් සහිත ස්ථාවර දේශපාලනයක් සහිත රටක් විම.
මෙන්න මේ කාරණාවන් නිසා ඇමරිකානු ඩොලරය මුදල් වෙළද පොළෙහි 80%කටත් වඩාවැඩි ප්‍රත්ශතයකින් තම ග්‍රහණයට ගෙන සිටී.මෙම ඇමරිකානු ඩොලරයෙහි සිදුවන වෙනස්කම්මත අපිට ඉතාම හොද ආදායම් ලගා කර ගත හැකි වේ.එම කරුණු ඉදිරි පාඩම් වලදී විස්තරකෙරේ

මොකක්ද මේ Currency pairs කියන්නේ.
ඔන්න ඔබට දැන් එක එක අලුත් වචන මුන ගැහෙනවා ,එ වචන වලට ඔබ හුරු වෙන්න ඔනි. සරළවම කියනවනම් Currency pair කියන්නේ මුදල් ඒකක දෙකකට.
අපි තව ටිකක් ඒගැන අවබෝධ කර ගනිමු.EUR/USD බලමු මෙහෙම දේකින් නිරූපණය වන් අර්ථය මොකක්ද කියලා.
ඉහත උදා හරණයට අනුව USD Quote Currency ලෙසද,

EUR Base currency ලෙසද හදුන්වනවා.
දැන් කියන්න බලන්න GBP /USD වල base Currency එක මොකක්ද කියල ?

EUR/USD කියන්නේ EUR බෙදිම USD කියන එක. එයින් සරළවම අදහස් වෙන්නේ ඩොලරයට සාපේක්ෂව යුරෝ යන්නයි.

දැන් Forex වලදී අපිට හම්බවෙනවා මෙන්න මෙහෙම EUR/USD=1.3000
බලමු ඒකෙන් කියන්නේ මොකක්ද කියලා
EUR/USD=1.3000
EUR=1.3000 USD සරළ ගණිතයෙන්
ඔබට පැහැදිලි නේද හරි.එකෙන් කියවෙන්නේ මොකක්ද
EUR 1ගන්න USD 1.3000 ඕන වෙනව කියන එක නේද.
හරියටම කියනවනම් එක ඩොලරයක් ගන්න රුපියල්125 වැය වෙනවා කියන එකම තමයිඑතනත් කිවේ.
හරියට මේ වගේ
USD=125LKR = USD/LKR = 125
.ඉහත මුල් උදාහරණයට අනුවනම් යුරෝ 1ක් ගන්න ඩොලර් 1.3000වැය වෙනවා.පැහැදිලියිනේද?

What is a Pip
Pip 1 ක්ලෙස හදුන්වන්නේ
ඕනම Currency pair එකක අවසන් දශමස්ථානයටයි.
ඒය ඉතාම කුඩා අගයක්.නමුත් Forex වලදී අපට වැදගත්ම වන්නේ මෙම pip කියන අගයයි.මෙම අගය ඉතාම ඉක්මනින් වෙනස් විමකට ලක් විම සිදු වෙනවා.ඔබ Demo account එකෙහි පුහුණුවීම් කරනකොට දකින්න පුලුවන් එම අගයන්ගේ වෙනස් වීම්.
අපි තව ටිකක් උදාහරණ මගින්ම පැහැදිලි කර ගනිමු.
හිතන්න මෙම මොහොතේ EUR/USD අගය 1.3000යි
තව මොහොතකින් එහි අගය 1.3005 නම්
ඒ අතර වෙනස කියද,? =5 pips.
අපි දැන් Forex වල භාවිතාවන වචන වලින් මෙම අගයන් දෙක හදුන්වනවනම්
පළමු අගය Open price ලෙසද
දෙවන අගය Close Price ලෙසද හදුන්වනවා. ඉදිරියට ඔබට මෙම වචන වල තේරුමඅවබෝධ වෙනවා.ඒ නිසා බය වෙන්න එපා.උදාහරණය ඔබට තෙරුණානම් ඇති.
දැන් අපි පහත උදාහරණ වලට යමු.
බලන්න මෙම උදාහරණ වල pips කීය බැගින් වෙනස් වෙලා තියනවද කියලා

Open Price=අපි trade එකක් open කරන මොහොතේදී අදාල currency pair එකෙහි එම මොහොතේදී වටිනාකමයි .
Closed price=අපි trade එකක් Close කරන මොහොතේදී අදාල currency pair එකෙහි එම මොහොතේදී වටිනාකමයි .


EUR/USD Buy order
EUR/USD Open price =1.2900
EUR/USD Closed price =1.3005
Answer;
Closed Price-Open Price = +105 pips
Example 2:
EUR/USD Buy order
EUR/USD Open price =1.2800
EUR/USD Closed price =1.2700
Answer;
Closed Price - Open Price = - 100 pips
Example 3:
EUR/USD Sell order
EUR/USD Open price =1.3700
EUR/USD Closed price =1.3300
Answer;
Closed Price - Open Price = +400 pips
Example 4:
GBP/USD Buy order
GBP/USD Open price=1.5000
GBP/USD Closed price =1.5050
Answer;
Closed Price - Open Price = +50 pips
Example5:
USD/JPY Buy order
USD/JPY Open price=96.00
USD/JPY Closed price =96.20
Answer;
Closed Price - Open Price = +20 pips

Opened price හා Closed price උපයෝගි කරගෙන pip වටිනාකම සොයන්න
හැකි විය යුතුයි…….


No comments:

Post a Comment

Internet Money Sri Lanka