Monday, November 30, 2015

දැන් අපි වැදගත්ම කොටස් ඉගන ගැනිම සදහා තමයි සුදානම් වන්නේ.

Forex Trading මූලික සිද්ධාන්ත

අපිට Forex වල ගනුදෙනු කරන්න වෙන්නේ මුදල් වලින්.ඒ කියන්නේ අපිට ගනුදෙනුකරන්න තියෙන්නේ මුදල්.
මෙහිදි කිසිම ආකරයකින් භාණ්ඩ හුවමාරුවක් නොමැත.
දැන් බලමු Forex වල භාවිතා වන මුදල් ඒකක මොනවද කියලා.මෙහිදි අපිට Forex වලභාවිතා වන මුදල් කාණ්ඩ ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට බෙදෙන්න පුළුවන්

1 . Major currencies
2.  Minor currencies

අපිට ඉතාම වදගත් වන්නෙ Major currencies යටතට ගැනෙන මුදල් ඒකක යි.ඒ යටතටගැනෙන මුදල් වර්ග ප්‍රධාන වශයෙන් 8 ක් තියනවා.බලන්න පහත වගුව .


Major currencies 

Symbol යටතට වර්ග කර ඇත්තේ එම මුදල් වර්ගය Forex වලදී හදුන්වන නාමයයි.
currency යටතට වර්ග කර ඇත්තේ එම මුදල් වර්ගය සාමාන්යයෙන් හදුන් වන නාමයයි.
country යටතට වර්ග කර ඇත්තේ එම මුදල් කාණ්ඩය භාව්තා වන රටයි.

හරි දැන් ඉහත වගුව හොදින් බලලා මතකයට දාගන්න අමතක නම් කළබල වෙන්නඑපා.ඔබට ඉබේම ඔය නම් ටික මතක හිටිනවා.
හරි දැන් අපි දන්නවා Forex වලදී වැඩ්ම වශයෙන් භාවිතා වන මුදල් මොනවද කියලා.
හරි දැන් අපි බලමු ඉහත මුදල් වර්ග කොපමණ ප්‍රතිශතයකින් භාව්තා වනවාද කියලා.
හරි අපි දැන් බලමු පහත ප්‍රස්ථාරික සටහන දිහා,


එයින් ඔබට පැහැදිලි වෙනවා Forex වල වැඩිම වශයෙන් භාවිතා වන මුදල් වර්ගය USDකියලා.

ඇයි මේ ඇමරිකානු ඩොලරය මේ තරම් ඉහළ ප්‍රතිශතයකින් මුදල් වෙළද පොළෙහි පවතින්නේ?

ඇමරිකාව ලොව දැවැන්තම ආර්ථිකය හිමි රට වීම.
ලොව විශාලතම කොටස් වෙළද පොළ පැවතිම.
ලොව නවීනතම දියුණුම යුධ තාක්ෂණය හිමි රට විම
ඉතා පුලුල් දැක්මක් සහිත ස්ථාවර දේශපාලනයක් සහිත රටක් විම.
මෙන්න මේ කාරණාවන් නිසා ඇමරිකානු ඩොලරය මුදල් වෙළද පොළෙහි 80%කටත් වඩාවැඩි ප්‍රත්ශතයකින් තම ග්‍රහණයට ගෙන සිටී.මෙම ඇමරිකානු ඩොලරයෙහි සිදුවන වෙනස්කම්මත අපිට ඉතාම හොද ආදායම් ලගා කර ගත හැකි වේ.එම කරුණු ඉදිරි පාඩම් වලදී විස්තරකෙරේ

මොකක්ද මේ Currency pairs කියන්නේ.
ඔන්න ඔබට දැන් එක එක අලුත් වචන මුන ගැහෙනවා ,එ වචන වලට ඔබ හුරු වෙන්න ඔනි. සරළවම කියනවනම් Currency pair කියන්නේ මුදල් ඒකක දෙකකට.
අපි තව ටිකක් ඒගැන අවබෝධ කර ගනිමු.EUR/USD බලමු මෙහෙම දේකින් නිරූපණය වන් අර්ථය මොකක්ද කියලා.
ඉහත උදා හරණයට අනුව USD Quote Currency ලෙසද,

EUR Base currency ලෙසද හදුන්වනවා.
දැන් කියන්න බලන්න GBP /USD වල base Currency එක මොකක්ද කියල ?

EUR/USD කියන්නේ EUR බෙදිම USD කියන එක. එයින් සරළවම අදහස් වෙන්නේ ඩොලරයට සාපේක්ෂව යුරෝ යන්නයි.

දැන් Forex වලදී අපිට හම්බවෙනවා මෙන්න මෙහෙම EUR/USD=1.3000
බලමු ඒකෙන් කියන්නේ මොකක්ද කියලා
EUR/USD=1.3000
EUR=1.3000 USD සරළ ගණිතයෙන්
ඔබට පැහැදිලි නේද හරි.එකෙන් කියවෙන්නේ මොකක්ද
EUR 1ගන්න USD 1.3000 ඕන වෙනව කියන එක නේද.
හරියටම කියනවනම් එක ඩොලරයක් ගන්න රුපියල්125 වැය වෙනවා කියන එකම තමයිඑතනත් කිවේ.
හරියට මේ වගේ
USD=125LKR = USD/LKR = 125
.ඉහත මුල් උදාහරණයට අනුවනම් යුරෝ 1ක් ගන්න ඩොලර් 1.3000වැය වෙනවා.පැහැදිලියිනේද?

What is a Pip
Pip 1 ක්ලෙස හදුන්වන්නේ
ඕනම Currency pair එකක අවසන් දශමස්ථානයටයි.
ඒය ඉතාම කුඩා අගයක්.නමුත් Forex වලදී අපට වැදගත්ම වන්නේ මෙම pip කියන අගයයි.මෙම අගය ඉතාම ඉක්මනින් වෙනස් විමකට ලක් විම සිදු වෙනවා.ඔබ Demo account එකෙහි පුහුණුවීම් කරනකොට දකින්න පුලුවන් එම අගයන්ගේ වෙනස් වීම්.
අපි තව ටිකක් උදාහරණ මගින්ම පැහැදිලි කර ගනිමු.
හිතන්න මෙම මොහොතේ EUR/USD අගය 1.3000යි
තව මොහොතකින් එහි අගය 1.3005 නම්
ඒ අතර වෙනස කියද,? =5 pips.
අපි දැන් Forex වල භාවිතාවන වචන වලින් මෙම අගයන් දෙක හදුන්වනවනම්
පළමු අගය Open price ලෙසද
දෙවන අගය Close Price ලෙසද හදුන්වනවා. ඉදිරියට ඔබට මෙම වචන වල තේරුමඅවබෝධ වෙනවා.ඒ නිසා බය වෙන්න එපා.උදාහරණය ඔබට තෙරුණානම් ඇති.
දැන් අපි පහත උදාහරණ වලට යමු.
බලන්න මෙම උදාහරණ වල pips කීය බැගින් වෙනස් වෙලා තියනවද කියලා

Open Price=අපි trade එකක් open කරන මොහොතේදී අදාල currency pair එකෙහි එම මොහොතේදී වටිනාකමයි .
Closed price=අපි trade එකක් Close කරන මොහොතේදී අදාල currency pair එකෙහි එම මොහොතේදී වටිනාකමයි .


EUR/USD Buy order
EUR/USD Open price =1.2900
EUR/USD Closed price =1.3005
Answer;
Closed Price-Open Price = +105 pips
Example 2:
EUR/USD Buy order
EUR/USD Open price =1.2800
EUR/USD Closed price =1.2700
Answer;
Closed Price - Open Price = - 100 pips
Example 3:
EUR/USD Sell order
EUR/USD Open price =1.3700
EUR/USD Closed price =1.3300
Answer;
Closed Price - Open Price = +400 pips
Example 4:
GBP/USD Buy order
GBP/USD Open price=1.5000
GBP/USD Closed price =1.5050
Answer;
Closed Price - Open Price = +50 pips
Example5:
USD/JPY Buy order
USD/JPY Open price=96.00
USD/JPY Closed price =96.20
Answer;
Closed Price - Open Price = +20 pips

Opened price හා Closed price උපයෝගි කරගෙන pip වටිනාකම සොයන්න
හැකි විය යුතුයි…….


Forex Lesson 17

ඉතින් කොහොමද යාලුවනේ ඔයාලට..දැන් ඔයාලා Forex Trading  කරනවා නේද?මම කියලා දුන්න ආකාරයට ප්‍රවේශමට, අප යොදවන මුදල ආරක්ශා වන ආකාරයට ගණුදෙනු යොදන්න ඔයාලා හොදින් මතක තියා ගන්න.අද සිට මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද අපි ලාභ ලැබෙන පරිදි නිවැරදිව ගණුදෙනු යොදන්න Forex වල තිබෙන්නා වු විවිද ක්‍රම භාවිතා කරන ආකාරය පිලිබදව ඉගෙන ගන්නයි.එහි මූලිකම පියවර වශයෙන් මම ඔයාලට අද Mountain System කියලා දෙනවා.

Mountain System

Mountain යනු කන්ද වේ.කන්දක් ඒකාකාරව නැති බව ඔයාලා හොදින්ම දන්නවානේ.එනම් බෑවුම් ඉහල පහල යමින් තමයි කන්ද පිහිටන්නේ.පහත රූපයේ ඔබට Forex Market එකේ Gbp / Usd මුදල් කාණ්ඩය විනාඩි 15 කාල පරාසයේදී වෙනස් වු අයුරු පෙන්නුම් කෙරේ.(එහි රතු පැහැති ඉර මගින් නැග්ම හා බැස්ම ඔබට හොදින්ම පෙනෙනු ඇත.)


එහිදී ඔබට පැහැදිලිවම පේනවා නේද වෙළදපල ඉහල ගොස් පහලට ආ අයුරුත් පහල ගොස් නැවත ඉහලට අවිත් තිබෙන අයුරුත්.අන්න ඒ විදියට තමයි අපි Mountain System කියන්නේ.

Mountain System එකේදී ලාභ ලබා ගන්නා අයුරු

1. වෙළදපල ඉහලට ගියවිට අපට Sell ගණුදෙනුවක් දමා ලාභයක් ලබා ගත හැකිවේ.එනම් කන්ද ඉහල සිට නැවත පල්ලමකට එනවා සේ Market එකද පහලට එන නිසාවෙනි.

2. වෙළදපල පහලට ගියවිට අපට Buy ගණුදෙනුවක් දමා ලාභයක් ලබා ගත හැකිවේ.එනම් කන්ද පහල සිට නැවත ඉහලට යනවා සේ  Market එකද ඉහලට යන නිසාවෙනි.

වැදගත්
  • ඔබ මෙම ක්‍රමය භාවිතා කිරීමේදී ඒකාකාරීව වෙළදපල ඉහල යාමකදී හෝ ඒකාකාරීව වෙළදපල පහල යාමකදී මෙය භාවිතා නොකල යුතුය.
  • මෙහිදී ඔබ ගණුදෙනුවක් Open කර Pips 10-20 අතර අනිවාර්යයෙන් එම ගණුදෙනුව Close කර ලාභය ලබා ගාත යුතුය.
  • විශාල ලාභ ලබා ගැනීමට මෙම ක්‍රමයේදී උත්සහ නොගත යුතුය
  • ගණුදෙනුවක් යෙදීමට අවම වශයෙන් නැග්ම හෝ බැස්ම Pips 30ක් වත් යනතුරු සිටිය යුතුය.

මා ඔබට ඉහත පැහැදිලි කලේ ඉතාම සරල Forex Trading උපක්‍රමයකි.මෙය ඔබද අත්හදා බලන්න.ඉදිරියේදී ඔබට,

  1. Forex News ආශ්‍රය කරගෙන ගණුදෙනු යෙදීම
  2. Eur / Usd වල ගණුදෙනු යෙදිය යුතු පරාසයන්
  3. Gbp / Usd වල ගණුදෙනු යෙදිය යුතු පරාසයන්
  4. Economic Calender භාවිතයෙන් ගණුදෙනු යෙදීම
ආදී සුවිශේෂි ක්‍රම ඔබට කියලා දෙන්නම්.

Forex Lesson 07

අපි Forex Trading සදහා භාවිතා කරනු ලබන මෘදුකාංගය Download කර ගත්තනේ කලින් ලිපිය අනුව.අපි දැන් බලමු කොහොමද මෘදුකාංගය හසුරවන්නේ කියනවග.මේක එච්චර අමාරු දෙයක් නෙමේ.ලොකු දෙයක් කරන්න නෑ ඔයාලට.මම කියා දෙන්නම්කෝ.

අපි කතා කරන මෘදුකාංගයේ නම MT 4 හෙවත් Meta Trader 4 වේ. මම මේ පහත දාලා තියෙන්නේ එහි Picture 1ක්.ඔයාලගේ පරිඝණකයේ  මෙවැනිම මෘදුකාංගයක් තියෙන්න ඕන දැන් Open වෙලා.අපි අන්තර්ජාලයට Log  වී මෙම මෘදුකාංගය Open කල යුතු වේ.මොකද මේ අපි කරන්න යන්නේ Online Trading වන නිසා.



හරි අපි ගිය සතියේ ලිපියේ ඔයාලට කිව්වා මතකනේ Software 1න් Demo Account 1 ට Log වෙන්න කියලා.අන්න එහෙම ඔයලා Log උනානම් ඔයාලට මෙහි වම් පස Navigater  කියන්න වු කොටසේ මුලින්ම තියෙන Accounts   කියන්නා වු උප කොටසේ ඔබගේ Practise Account ගිනුම් අoකය හා ඔබගේ නම දිස්වනවා දක්නට පුලුවනි.එහි Indicators  ඇතුලු තවත් බොහෝ දෑ තිබෙන අතර Indicator පිලිබදව පසු ලිපියකින් ඔබව දැනුවත් කරන්නම්.

අපි කතා කල Navigator 1ට ඉහලින් අපට Market Watch  1ක දැක ගත හැකි වේ.මතකයිනේ ඔයාලට මo කලින් ලිපියකත් මේකේ Picture1ක් දාලා තිබ්බා.Market Watch 1කේ Currency Pairගොඩක් තියෙනවා.මේකේ තියෙන වාසිය තමයි අපට එකම තැනකින්  ඒ ඒ Currency Pair වල අගයයන් වෙනස් විම් දැක ගත හැකි විමය.අපි මුලිකවම භවිතා කරන Eur/Usd , Gbp / Usd Curreny Pair තියෙනවා පේනවනේ යලුවනේ ඔයාලට.Market Watch හි ඉහලින් ඔයාලට වෙලාව තියෙනවා පේනවනේ.අපේ රටේ වෙලාවට වඩා පැය 3.30ක් අඩුවෙනුයි මෙය වැටෙන්නේ.මොකද මේක අපේ රටේ Software ක් නෙවෙයිනේ එකයි ඒ.

හරි ඊලගට අපි බලමු අපේ ප්‍රදාන Window ව දෙස.එහි ඔයාලට ඉරි කෑලි එහා මෙහා ගිහින් තියෙනවා පේනවා නේද?ඒක තමයි විවිද කාල පරාසයන් තුල Forex Market හි වෙනස්විම් දක්වන Window 1ක.එනම් ඊට ඉහලින් ඇති M1, M5, M15, M30, H1, H4, D1, W1, MN ආදී වශයෙන්.ඒ තමයි යලුවනේ විවිද කාල පරාසයන්.මෙහි M1 විනාඩි 1ක,M5විනාඩි 5 වශයෙන්ද H1 පැය 1ක වශයෙන්ද D1 දවසක් W1 සතියක් MN මාසයක් වශයෙන් අපට බලාගත හැකි වේ.ඔයලා මේ හැම කාල අගයකටම Market 1ක දාල බලන්න.ඔබට පෙනේවි එවිට Forex Market 1ක තත්පරයකදිත් වෙනස් වන බව.ඒක තමයි මo ඔයාලට කිව්වේ ලෝකේ මිලියන ගනනක් මේක කරනවා කියලා.එයාලා කරන ගනුදෙනු අනුව තමයි Market 1ක ඉහල පහල යන්නේ.දැන් තේරෙනවනේ ඔයාලට.

මන් ඔයාලට ඔය දැන් කිව්ව Window 1ක ටිකක් පැහැදිලි නෑ වගේ නේද යාලුවනේ.අපි මේක ටිකක් අපේ ඇස් දෙකට පහසු විදියට සකසා ගනිමුද?මෙහෙමයි මම ඔය පහත පෙර පසු ලෙස Pictures 2ක් දාලා තියෙනවනේ.එහි පසු අවස්තාවට අපි හදා ගනිමු. මුලින්ම ඔබ මෙහි පෙර අවස්තාවේ මා රතු පාටින් රවුම් කර තිබෙන තැන Click කර ඉන් පසු කහ පාටින් රවුම් කර තිබෙන තැන 2පාරක් Click කරන්න.එවිට ඔයාලට පසු ආකාරයේ Picture 1ක් ලබේවි.
පෙර

පසු


තව ඔයාලට කිව යුතුම දෙයක් නම් අපි Forex Market හි ලොකු කාල පරාසයන් තුල ගනුදෙනු කරන්න හොද නෑ.අපි මේ සදහා M5 හෝ M15 තොරා ගත යුතු වේ.එය ඔබට වාසි සහගත වේ.

ඔයාලට Software 1කේ Gbp / Usd  වලට අදාල Chart පමනක් Open වෙලා තියෙනවනම් ඔයාලට පුලුවන් File, New Chart Clik කර එහි Eur / Usd තෝරා ගන්න.ඊට පසු කලින් මා කිව් පරිදි ඔබට පහසු පරිදි එයද සකසා ගන්න.

දැනට නම් ඔවා තමා කියන්න තියෙන්නේ යලුවනේ.අපි Practise Account Trade කරන ගමන් ඉතුරු ටික ගැන බලමු.ඒක පහසුයි අපට.මම ඊලග ලිපියෙන් ඔයාලට අපි හදා ගත්තු Real Account 1ක  Verify කර ගන්නා හැටි කියා දෙන්නම්.එතකන් ඔයාලට
Internet Money Sri Lanka