Monday, November 30, 2015

Forex Lesson 17

ඉතින් කොහොමද යාලුවනේ ඔයාලට..දැන් ඔයාලා Forex Trading  කරනවා නේද?මම කියලා දුන්න ආකාරයට ප්‍රවේශමට, අප යොදවන මුදල ආරක්ශා වන ආකාරයට ගණුදෙනු යොදන්න ඔයාලා හොදින් මතක තියා ගන්න.අද සිට මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද අපි ලාභ ලැබෙන පරිදි නිවැරදිව ගණුදෙනු යොදන්න Forex වල තිබෙන්නා වු විවිද ක්‍රම භාවිතා කරන ආකාරය පිලිබදව ඉගෙන ගන්නයි.එහි මූලිකම පියවර වශයෙන් මම ඔයාලට අද Mountain System කියලා දෙනවා.

Mountain System

Mountain යනු කන්ද වේ.කන්දක් ඒකාකාරව නැති බව ඔයාලා හොදින්ම දන්නවානේ.එනම් බෑවුම් ඉහල පහල යමින් තමයි කන්ද පිහිටන්නේ.පහත රූපයේ ඔබට Forex Market එකේ Gbp / Usd මුදල් කාණ්ඩය විනාඩි 15 කාල පරාසයේදී වෙනස් වු අයුරු පෙන්නුම් කෙරේ.(එහි රතු පැහැති ඉර මගින් නැග්ම හා බැස්ම ඔබට හොදින්ම පෙනෙනු ඇත.)


එහිදී ඔබට පැහැදිලිවම පේනවා නේද වෙළදපල ඉහල ගොස් පහලට ආ අයුරුත් පහල ගොස් නැවත ඉහලට අවිත් තිබෙන අයුරුත්.අන්න ඒ විදියට තමයි අපි Mountain System කියන්නේ.

Mountain System එකේදී ලාභ ලබා ගන්නා අයුරු

1. වෙළදපල ඉහලට ගියවිට අපට Sell ගණුදෙනුවක් දමා ලාභයක් ලබා ගත හැකිවේ.එනම් කන්ද ඉහල සිට නැවත පල්ලමකට එනවා සේ Market එකද පහලට එන නිසාවෙනි.

2. වෙළදපල පහලට ගියවිට අපට Buy ගණුදෙනුවක් දමා ලාභයක් ලබා ගත හැකිවේ.එනම් කන්ද පහල සිට නැවත ඉහලට යනවා සේ  Market එකද ඉහලට යන නිසාවෙනි.

වැදගත්
  • ඔබ මෙම ක්‍රමය භාවිතා කිරීමේදී ඒකාකාරීව වෙළදපල ඉහල යාමකදී හෝ ඒකාකාරීව වෙළදපල පහල යාමකදී මෙය භාවිතා නොකල යුතුය.
  • මෙහිදී ඔබ ගණුදෙනුවක් Open කර Pips 10-20 අතර අනිවාර්යයෙන් එම ගණුදෙනුව Close කර ලාභය ලබා ගාත යුතුය.
  • විශාල ලාභ ලබා ගැනීමට මෙම ක්‍රමයේදී උත්සහ නොගත යුතුය
  • ගණුදෙනුවක් යෙදීමට අවම වශයෙන් නැග්ම හෝ බැස්ම Pips 30ක් වත් යනතුරු සිටිය යුතුය.

මා ඔබට ඉහත පැහැදිලි කලේ ඉතාම සරල Forex Trading උපක්‍රමයකි.මෙය ඔබද අත්හදා බලන්න.ඉදිරියේදී ඔබට,

  1. Forex News ආශ්‍රය කරගෙන ගණුදෙනු යෙදීම
  2. Eur / Usd වල ගණුදෙනු යෙදිය යුතු පරාසයන්
  3. Gbp / Usd වල ගණුදෙනු යෙදිය යුතු පරාසයන්
  4. Economic Calender භාවිතයෙන් ගණුදෙනු යෙදීම
ආදී සුවිශේෂි ක්‍රම ඔබට කියලා දෙන්නම්.

No comments:

Post a Comment

Internet Money Sri Lanka