Monday, November 30, 2015

Forex Lesson 2

ඉතින් කොහොමද යාලුවනේ, මම කලින් ලිපියෙන් ඔයාලට Forex  පිළිබදව හැදින්වීම හා එහි වැදගත්කම පැහැදිලි කලානේ.මතකයිනේ ඔයාලට.දැන් මම හදන්නෙ ඔයාලට Forex Market එකේ හුවමාරු වන මුදල් වර්ග පිළිබදව හැදින්වීමක් කරන්නයි.Forex වලදී අදාල මුදල් වර්ගයන්ට කියන්නා වු නම් ඔබ හොදින් මතක තබා ගැනීමට කටයුතු කිරීම ඔබට ගණුදෙනු යෙදීමේදී පහසුවක් වනු ඇත.

හොදයි අපි බලමු මේ මුදල් වර්ගයන් පිළිබදව. ලෝකයේ බලවත් අර්තිකයන්ට උරුම කම් කියන රටවල් වල මුදල් වර්ග තමයී මෙම Forex Market හි ගණුදෙනු වන්නේ.එනම් එය සිදු වන්නේ මුදල් වර්ග 2ක හුවමරුවක් වශයෙනි.එම රටවල් හා අදාල මුදල් වර්ගයන් හා Forex වලදී භවිතා වන කෙටි නාමයන්ද හොදින් බලන්න.

Country                                  Currency                                FOREX  Name

1.      Great Britain                    Pound                                           GBP                                            
2.      United States                  US Dollar                                       USD
3.      Europe                            Euro                                             EUR
4.      Australia                         Australian Dollar                            AUD
5.      New Zealand                   New Zealand Dollar                        NZD
6.      Canada                          Canadian Dollar                             CAD
7.      Japan                             Japan Yen                                    JPY
         
මෙලෙස ඒවා දැක්විය හැකිය.දැන් ඔබ බලනවා ඇති අපේ මුදල් වර්ගය වන රුපියල මෙහි අඩoගු නොවන්නේ ඇයිද යන වග.එනම් අපගේ රට ලොකයේ බලවත් අර්තිකයක් නොමැති දියුණු වෙමින් පවත්නා  රටක් විම නිසාවෙනි.ලොව බලවත් අර්තිකයන්හි මුදල් සමග ගනුදෙනු කිරිමට ඔබ තුල බියක් හටගෙන ඇත්නම් කිසි ලෙසකවත් ඔබ බියවිය යුතු නොවේ.මෙම ලිපි පෙලෙන් ඔබට විශාල දැනුමක් ලැබෙනෙ බවනම් ඉදුරාම කිව හැක.

 හොදයි අපි බලමු දැන් මෙම මුදල් වර්ගය කෙසේද ගණුදෙනු සදහා සැකසෙන්නේ යන වග.එනම් මා ඉහත සදහන් කල Currency,  Pair වශයෙනි.

එනම්,
                        Eur / Usd           (Euro vs  Us Dollar)
                        Gbp / Usd          (pound vs  Us Dollar)
                        Aud / Usd          (Ausralian dollar vs Us Dollar)
                        Usd / Cad          (Us Dollar vs Canadian Dollar)
                        Usd / Jpy           (Us Dollar vs Japan yen)

 එනම් EURO ට එරෙහිව USD  වශයනි.අනෙක් මුදල් වර්ගයන්ද එසේය.මෙලෙස EURO හා USD එකතු වීමෙන් Currency Pair 1ක් නිර්මාණය වේ.

මා ඉහත සදහන් කරන ලද Currency Pair ප්‍රදාන මුදල් එකතුවක් හෙවත් Major Currency Pair ලෙස හැදින්විය හැක.එනම් අපි ගණුදෙනු යෙදීමෙදී බහුලව භාවිතා කල යුත්තේ මෙම Currency Pair වේ.මන්ද අපට ගනුදෙනු යෙදීමට අවශ්‍ය වන්නා වු දත්තයන් එනම් News විශාල වශයෙන් Web අඩවි තුලින් අපට ලබා ගත හැකි වනුයේ මෙම Major Currency Pair තුලින් වීම හේතුවෙනි.

 මීට අමතරව MInor Currency Pair හෙවත්,
                                                                                Eur / Gbp
                                                                                Gbp / Jpy
                                                                                Aud / Jpy

ආදි වශයෙන් තිබේ.මේවා ගනුදෙනු සදහා යෙදිය හැකි වුවද මේවා සදහා ප්‍රමානවත් දත්ත Major Currency Pair වලට සාපේක්ශව නොමැති වීම නිසා ගණුදෙනු යෙදිම ඔබට සාපේක්ශව අවාසි සහගත තත්වයක් ගෙන දෙනු ඇත.

හොදයි ඔයාලට Forex Market එකේ ගණුදෙනු වන මුදල් වර්ග පිලිබදව හා ඒවායේ Forex Names දැන ගැනිමට හැකි උනානේ.ඊලග ලිපියෙන් ඔයාලට ගණුදෙනු යොදා ලාභ ලබා ගන්නා ආකාරය පැහැදිලි කරන්නම්.එතකන් ඔයාලට 

Forex යනු කුමක්ද?

ලොව පුරා වෙසෙන මිලියන ගණනක් වන ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රමණයක් තම ඉපයීම් මර්ගය කරගෙන තිබෙන්නේ මා ඔබට මෙතැන් සිට පැහැදිලි කිරීමට යන Forex හෙවත් Foreign Currency Market හෙවත් ජාත්‍යන්තර මුල්‍ය වෙළදපලයි..

ඇසු පමනින් ඔබට හුරු පුරුදු බවක් නොදැනුනද අප සියලු දෙනාම හොදින් දන්නා කොළඹ කොටස් හුවමාරුව මෙන්ම මෙයද හුවමාරු වෙළදපොළකි.මෙහි හුවමරු මධ්‍යය වන්නේ මුදල් වර්ගයන්ය.
ශ්‍රී ලoකාව තුල මෙය එතරම් ප්‍රචලිත නොවුනද අප රටේ බැoකු හා බැoකු නොවන මුල්‍ය ආයතන බොහෝමයක් මෙහි ගනුදෙනු කරන බව නම් කිව හැක.ලොව පුරා සිටින බටහිර ජාතීන් තමන්ගේ ප්‍රමුඛ ආදයම් මාර්ගය බවටද මෙම වෙළදපොළ පත් කරගෙන තිබේ.
එය එසේ තමන්ගේ ප්‍රමුඛ ආදයම් මර්ගය බවට ඔවුන් පත් කොට ගෙන ඇත්තේ එය එතරම්ම විශ්වාසවන්ත මුදල් ඉපයීමේ ක්‍රමයක් වීම තුලිනි.නිසි ඉගෙනීම,කැපකිරීම ඒ වගේම පිළිවෙල මත බොහෝම පහසුවෙන් දිනපතා අපට මෙමගින් සැලකිය යුතු ආදායමක් ලබා ගත හැකිය.

මා ඉහත සදහන් කල කැපකිරීම අවශ්‍ය වන්නේ ඔබ මෙය හොදින් හැදෑරීම සදහාය.ඉගෙනීම තුලින් සාර්තක වීමේ හැකියාව ඔබට ඇති කර ගත හැක්කේ මෙම ලිපි පෙළ පියවරින් පියවර කියවා අවබෝද කර ගැනීම තුලිනි.තවද මේ සදහා ඉතා ඉහල ඉගෙනුම් මට්ටමක් අවශ්‍ය නොවේ.ඔබට ඉoග්‍රීසි දැනුම මද වශයෙන් තිබීම මෙහි කටයුතු කිරිමට පහසුවක් වනු ඇත.එසෙත් නොමැති වුවද මෙම ලිපි පෙළ ඇසුරෙන් ඔබට විශාල දැනුමක් ලබා ගත හැකි වේ.

මෙහි ලා කිව යුතු වැදගත්ම දෙය නම් ඔබ යම් ප්‍රමාණයකින් සෑහීමකට පත් වන පුද්ගලයෙකු විය යුතුමය.එනම් අදික තන්හාවෙන් මෙහි ගණුදෙනු නොකල යුතුය.එනම් ඔබ මෙම ලිපි පෙළ අනුව ඔබගේ ගණුදෙනු යෙදීම ඔබට ඉතා වාසි සහගත තත්වයක් ලගා කරනු ඇත.
මම මෙච්චර වෙල ඔයාලට කිව්වෙ Forex Market එකට එන්න ඉන්න අයට එයට ඇවිත් සාර්තක වීමට නම් අනුගමනය කල යුතු කරුණු කිපයකි.දන් අපි බලමු මෙහි වැදගත්කම,

Forex (Foreign Exchange Market) යනු ලෝක බලවතුන් වන America, England, Australia, Japan, Europe, Canada, New Zealand යන පාර්ශවයන්ගේ බැoකු මගින් එනම් එහි මුල්‍ය කටයුතු මගින් පාලනය වන වෙළදපොළ වේ.එනම් මෙම වෙළදපොළෙහි ගණුදෙනු පාලනය වන්නේ එම රටවල් හි ආර්තික, සමාජයීය,දේශපාලන හා ස්වාභාවික ව්‍යසන අදී කටයුතු වල බලපෑම මතය.

එනම් නිදසුනක් ලෙස ඇමෙරිකාවේ සුළි සුළගක් මගින් ඔවුන්ගේ එදිනෙදා කටයුතු වලට එල්ල වෙන්නා වු අර්බුදකාරී තත්වයන් නිසා එරට ආර්තිකයට විශාල බලපෑමක් කරනු ලැබේ.එනම් ඔවුන්ගේ මුදලේ අගය කඩා වැටීමකට ලක් වේ.ඉදිරි ලිපියකදී මුදල් වර්ග අසුරෙන් මා ඔයාලට මෙය පැහැදිලි කරන්නම්.

මෙම කරුණු කාරනා වල වදගත්කම වනුයේ අප ගණුදෙනු යෙදීමට පෙර ඔබ මේ පිලිබදව යම් හෝ අවබෝදයක් ලබා තිබීම වැදගත් වන බැවිනි.
මෙම ලිපිය මෙතනින් අවසානයි.ඉදිරි ලිපියේ දී ඔබට Forex Market හි ගණුදෙනු වන මුදල් වර්ග හා ඒවායේ රටවල් පිලිබදව බොහෝ වැදගත් දෑ ඔබ වෙත ගෙන එන්නම්.එතෙක් මෙම ලිපිය කියවා හොදින් තෙරුම් ගන්න.එතකන් ඔයාලට 

E Money Sinhala 2016

ෆොරෙක්ස් වලින් මුදල් සොයමු.

ලොව පුරා මිලියන ගනනක් වන ජනතාව තම ඉපයීම් මාර්ගය බවට පත් කරගත් මුදල් සෙවීමේ ක්‍රමය දැන් ඔබටත් දන්න සිoහලෙන් .මුල සිට ඉතා සරලවම ඉගෙනීමට ඔබටත් අවස්තාවක්.මුල සිට ලිපියෙන් ලිපිය කියවා දැනුම ලබා ගන්න.මුදල් උපයන්න.ජීවිතය ජය ගන්න.

 
Internet Money Sri Lanka